Press "Enter" to skip to content

ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරුන් හෙට කොළඹට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ආසන සංවිධායකවරුන් සියලු දෙනා හෙට ( 04 ) දහවල් කොළඹට කැඳවනු ලැබ ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී හෙට දහවල් 12 ට පැවැත්වෙන  විශේෂ රැස්වීමක්  සඳහා  ආසන සංවිධායකවරුන් මෙසේ කැඳවා  ඇතැයි වාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර  ඇතිකර ගැනීමට යෝජිත දේශපාලන සන්ධානය , ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය ආදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා  ඇතැයිද වාර්තා වෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *