Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවේ ධීවරයන්ට ඉන්දීය නාවික සෙබළු ජාත්‍යන්තර මුහුදේදී පහර දෙති.

පසුගිය මැයි(7 ) වනදා දික් ඕවිට වරායෙන් මුහුදු ගිය ශ්‍රී ලාංකේය ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදු තීරයේදී ඉන්දීය නාවික හමුදාවේ සෙබළුන් පිරිසක් විසින් දරුණු ලෙස පහර දී ඇති බව වාර්තාවේ.

 

ධීවරයින් පවසන්නේ එම ඉන්දීය නාවික සෙබළුන් මත්ද්‍රව්‍ය ඉල්ලා තමන්ට පැය කිහිපයක් තිස්සේ පහරදුන් බවයි.

 

ඊයෙ(7 ) පස්වරුවේ ප්‍රහාරයට ලක්වූ ධීවරයින් රැගත් යාත්‍රා දෙක දික්ඕවිට වරායට සේන්දු වී තිබුණි. එහිදී දරුණු ලෙස පහරකෑම්වලට ලක්වූ තිදෙනකු මීගමුව මහ රෝහලට ගිලන් රථ මගින් රැගෙන ගොස් තිබුණි.

 

ඉන්දීය නාවික නිලධාරින් පහර දුන් ධීවරයින් රැගත් බහුදින යාත්‍රා දෙකෙහි ධීවරයින් 13කු ගමන් ගෙන තිබුණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *