Press "Enter" to skip to content

ශ්‍රී ලංකා යුද හමුදාව ලෝකයෙන් දෙක වෙයි

හදිසි අවස්ථාවන්හිදී ක්‍රියාත්මක වන හොදම කණ්ඩායම සහිත ලෝකයේ දෙවන හමුදාව ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ලොව පුරා රටවල යුධ හමුදාවන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගත් හදිසි ආපදා තත්ත්වයන්හිදී ක්‍රියාත්මක වන කණ්ඩායම් 16ක් පමණ සිටින අතර ඉන් පළමු තැන හිමිවී ඇත්තේ ඊශ්‍රායෙල් යුධ හමදාවට බවයි ඔහු කියා සිටියේය.


කොවිඩ් – 19 වසංගතය මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විතයේ සිදු කළ මෙහෙය සැළකිල්ට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම වර්ගීකරණයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවට දෙවන ස්ථානය ලබා දී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් සිල්වා සඳහන් කර සිටියා.


හදිසි අවස්ථාවක රෝහලක් ඉදි කිරීමේ හැකියාව වැනි දෑ මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සැළකිල්ලට ගෙන ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කළා.


කොවිඩ් – 19 වසංගතය මර්දනය කිරීමෙහිලා ශ්‍රී ලංකා යුධ හමුදාව දින 05ක් තුළ ඉරණවිල ප්‍රදේශයේ කොවිඩ් – 19 සදහා ප්‍රතිකාර ලබා දෙන රෝහලක් ඉදි කිරීමට කටයුතු කළ අතර නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමද කෙටි කාලයක් තුළ සිදු කරන ලදී.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *