Press "Enter" to skip to content

සජිත්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරාධනාවක්

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂක ධූරය නොලැබුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට තමා ආරාධනා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය තුළින් ඉදිරි සියලු මැතිවරණ ජයග්‍රහණය කළ හැකි බවත් ඒ සඳහා එක්වන ලෙසට ඔහු සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ට ආරාධනා කරන බවත් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ගාල්ලේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *