Press "Enter" to skip to content

සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න පාර්ලිමේන්තුවේ පැවති හමුව ජවිපෙ මගහරී (වීඩියෝ)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් සහ විපක්ෂයේ පක්ෂ වල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

 

ඒ විපක්ෂය නියෝජනය කරන පක්ෂ වල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති සාකච්ඡාවකදීයි.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජනබලවේගය, දෙමළ ජාතික සන්ධානය ඇතුලු විපක්ෂයේ පක්ෂ මෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වූ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම්ද මේ සඳහා එක් සිටියා.

 

කෙසේ වෙතත් එම සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් එක්ව සිටියේ නැහැ.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින්  ක්වන්න 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *