Press "Enter" to skip to content

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාට කොරෝනා

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් (Rapid Antigen Test) තහවුරු වී තිබෙන බව විශ්වාසදායක ආරංචි මාර්ගයකින් වාර්තා වී ඇතැයි  බීබීසී සිංහල සේවය වාර්තා කරයි.

ඇයට කෝවිඩ් 19 ආසාදනය වී ඇතැයි වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණය මගින් අනාවරණය වුවද, සිකුරාදා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු නිවසේ නිරෝධායනය වීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබේ.

එහෙත් ඇයගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව මෙතෙක් නිළවශයෙන් කිසිවක් නිවේදනය කර නොමැත.

මේ වන විට අමාත්‍යවරුන් තිදෙනෙකුද ඇතුළුව මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *