Press "Enter" to skip to content

10 වසරෙන් ඉහළ දරුවන්ට පමණක් පාසල් ආරම්භ කිරීමට අවධානය

කොවිඩ් නයින්ටීන් වසංගතය පාලනය කිරීමෙන් අනතුරුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

පාසල් ආරම්භයට පෙර සියලු පාසල් විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් අනතුරුව ද අවස්ථා කිහිපයකදි සියලු පාසල් විෂබීජහරණයට ලක් කෙරෙනු ඇති.

මීට අමතරව පාසල් පවත්වාගෙන යාමේ දී සියලු ශ්‍රේණී සදහා පාසල් විවෘත කිරීමක් සිදු නොවන අතර විභාග පාදක කරගනිමින් 10ට ඉහළ ශ්‍රේණී සදහා පමණක් පාසල් ආරම්භ කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එම්.රත්නායක මහතා මේ බව පැවසීය.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු පාසල් ආරම්භ කිරීමෙන් අනතුරුව සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සදහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *