Press "Enter" to skip to content

කැබිනට් රැස්වීම ආරම්භ කරන විට පස් දෙනයි… යළි වෙලාව වෙනස් කිරීමට මෛත්‍රී තීරණය කරයි.

කැබිනට් රැස්වීම උදෑසන 7.30 ට ආරම්භ කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර සති දෙක තුනක් පමණක් ගතවන විට යළිත් කැබිනට් රැස්වීම පැවැත්වෙන වෙලාව වෙනස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී කැබිනට් මණ්ඩල රැස්වීම උදෑසන 7.30 ට ආරම්භ වන විට පැමිණ සිට ඇත්තේ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරු පස් දෙනකු පමණි. නමුත් අමාත්‍යවරුන්ට ඒ සඳහා කිසිදු වුවමනාවක් නොමැති නම් තමාට ද ගැටළුවක් නොමැති බවත් ඒ අනුව ලබන සතියේ සිට කැබිනට් රැස්වීම උදෑසන 8.30 ට පැවැත්වීමට තමා තීරණය කරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙන බවද වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *