Press "Enter" to skip to content

CIDයේ ලොකු පුටුවෙන් ශානි විසිවෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය ඉදිරි පැය 48 ඇතුළත වෙනස්වීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනට අධ්‍යක්ෂ ධුරය දරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතායි.

ඒ අනුව ඔහුට ස්ථාන මාරුවක් ලැබෙන අතර ඒ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්. තිලකරත්න මහතා පත්කිරීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ.

හෙට රැස්වෙන ජාතික පොලිස් කොමිසම විසින් ඒ පිළිබඳ තීන්දුවක් ගනු ඇත.

පොලීසියේ අංශ ගණනාවක ඉහළ තනතුරු කිහිපයක් ද වෙනස්වීමට ඉඩකඩ තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *