Press "Enter" to skip to content

අඩියක් පස්සට ගන්නවාද නැද්ද? තීරණය කිරීමට සජිත් පිලේ හදිසි රැස්වීමක්

අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ රාත්‍රියේ පැවති සාකච්චාව විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් ඉදිරියට ගනු ලබන ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ කැඳවීමෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ රැස්වීම් කිහිපයක් අද කොළඹ ස්ථාන කිහිපයක දී පැවැත්වීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ සඳහා සජිත් ප්‍රේමදාස පාර්ශවය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු කිහිප දෙනෙකු එක් වීමට නියමිත බවත් මින් ඉදිරියට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න සාකච්ඡා කිරීම මෙහි අරමුණ බවත් වාර්තාවේ. ඉදිරි දින කිහිපය තුළ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ ද එකඟත්වයෙන් ජනාධිපති අපේක්ෂක තේරීමට තීරණයක් ගෙන ඇති නිසා එහිදී සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය නොලැබුණොත් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා වීමට නියමිත බව ද වාර්තා වේ.

එසේ වුවහොත් විකල්පයකට යනවද නැද්ද යන්න පිළිබඳව ද මෙහිදී අවධානයට යොමු කිරීමට නියමිත බවද දැනගන්නට ඇත. කෙසේ නමුත් පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමන් ඉදිරියට ගත් අඩිය ආපස්සට කිසිදු හේතුවක් මත නොගන්නා බවයි. මිලි මීටරයක් වත් ආපස්සට අඩිය නොගන්නා බවට ද ඔහු දැඩි ලෙස අවධාරණය කළේය

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *