Press "Enter" to skip to content

අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

දල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියාකරන මුල්‍ය කාර්යය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ.

අළු ලේඛනය ලෙස හදුන්වනු ලබන මුල්‍ය කාර්යය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට පැරසීයේ පැවති මුල්‍ය කාර්යය සාධක බලකා සැසිවාරයේ දී තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

2017 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ක්‍රමෝපායවල දුර්වලතා සහිත රටක් ලෙස මුල්‍ය කාර්යය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙහි ලැයිස්තු ගත කරනු ලැබීය.

අදාළ දුර්වලතා මඟහරවා ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු කාලරාමුවකට යටතේ වූ ක්‍රියාකාරී සැලැස්මක් ශ්‍රී ලංකාවට ලබා දී තිබුණි.

2019 පෙබරවාරි මාසයේ පැවති මුල්‍ය කාර්යය සාධක බලකායේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව සිය ක්‍රියාකාරී සැලැස්ම සම්පුර්ණ කර ඇති බව මුලිකව නිර්නය කරන ලද අතර  පසුව මෙම මාසයේ දී එහි ප්‍රගතිය පිළිබඳ සමාලෝචන කණ්ඩායමේ නිර්දේශ සාකච්ඡාවට බදුන් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව අළු ලේඛනයෙන් ඉවත් කිරීමේ තීරණයට මුල්‍ය කාර්ය සාධක බලකායේ සියලු සාමාජිකයින් අනුමැතිය පල කර ඇති අතර මෙමඟින් ශ්‍රී ලංකාවට ආර්ථිකමය සහ මුල්‍යමය වශයෙන් හිතකර බලපෑමක් ඇති කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *