Press "Enter" to skip to content

ජනාධිපති අපේක්ෂක ගැටලූ විසඳා ගැනීමට රනිල් හදිසියේ එම එජාපෙයේ පක්ෂ නායකයන් 13 වැනිදා කැඳවයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සහ එහි ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් තීරණාත්මක කරුණු රැසක් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් 13 වැනිදා සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති අපේක්ෂකයා නම් කර ඉන්පසුව සන්ධානය එළි දක්වන ලෙසට යෝජනාවක් එක් පාර්ශ්වයකින් ඉදිරිපත් වී ඇති අතර තවත් පාර්ශවයක් ප්‍රකාශ කරන්නේ සන්ධානය පිහිටුවා ඉන් අනතුරුව ජනාධිපති අපේක්ෂකයා තෝරා පත් කර ගත යුතු බවයි.

මීට අමතරව සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කර ඇති සංශෝධන සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු ප්‍රකාශ කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *