Press "Enter" to skip to content

පොහොට්ටුවේ සම්මේලනයට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට දයාසිරි බර අවි ඔසවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසරයකින් තොරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනයට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සහය නොමැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට නොහැකි බවත් එවැනි පරිත්‍යාගයක් කර තිබියදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඔවුන්ගේ උත්සවවලට ගෙන යාම අනුමත කළ නොහැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.

මේ දක්වා විනය ක්‍රියාමාර්ග නොගත් නිසා තමාට ඕන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් හැසිරෙන බවත් මේ සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *