Press "Enter" to skip to content

මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ නායකත්වයට – ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

විශාල පිරිසක් මේ වන විටත් එම ස්ථානයට පැමිණෙමින් සිටින අතර තවත් විශාල පිරිසක් රටේ විවිධ ස්ථානවල සවිකර ඇති රූපවාහිනී තිර ඔස්සේ සජීවීව විකාශය නැරඹීමට සූදානමින් සිටිති. ‍මෙහිදී හිටපු ජනාධිපකති මහින්ද රාජපක්ෂ මහත්මා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත්වන අතර ඒ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට නියමිතය.‍

මෙම විශේෂ ජාතික මහා සමුළුවට සුබපතමින් මහින්දගේ රාජපක්ෂ මහතාගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව යොදාගෙන විශාල ප්‍රමාණයේ පුවරු රට පුරා සවිකර ඇත. ‍

මෙම ජාතික මහා සමුළුවේදී තවත් දේශපාලන විශේෂ සිද්ධි සිදුවීමට නියමිත බවද අප වෙත වාර්තා වේ. මෙම සියලු තොරතුරු සහ තවත් විශේෂ තොරතුරු උණුසුම් පුවත් ලෙස https://www.kubiyonews.com වෙතින් බලාපොරොත්තු වන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *