Press "Enter" to skip to content

මෙන්න ජනාධිපතිවරණයට එන අලුත්ම අපේක්ෂකයා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ කණ්ඩායමක් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් වෙනත් පුද්ගලයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමම කණ්ඩායමක් සැළසුම් කරමින් සිටින බවද දැනගන්නට ඇත. මෙහිදී එම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් වෙන්වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා යෝජනා කළ යුතු බවටද එම පිරිස සාකච්ඡා වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට ආසන සංවිධායකවරුන් 18 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් හිටපු මහලේකම් දුමින්ද දිසානායක මහතා වෙත පසුගිය විසි දෙවෙනිදා භාර දී තිබෙන බවද වාර්තා වේ.

මේ අතර කුමාර වෙල්ගම මහතා සඳහන් කරන්නේ ශ්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන්නේ නම් තමන් වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් දැනට සලකා බලා ගෙන යන බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *