Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් වූ 8 වැනි ජනාධිපතිවරණය අද

අද(16) පැවැත්වෙන 2019 ජනාධිපතිවරණයට මේ වන විට සියලු කටයුතු සූදානම්. මෙරට 7 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූහයක්.

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයි 35 දෙනෙකු ඉදිරිපත් වි ඇති අතර එය මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත්වු වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවයි. තම අභිමතය පරිදි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිමට මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගනන එක්කෝටි 59 ලක්ෂ 92,096 දෙනෙකි. ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 12,845 ක් වන අතර පිහිටුවා ඇති ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන ගණන 43 ක් වෙයි.

පෙරවරු 7 ට ආරම්භ වන ඡන්දය ප්‍රකාශ කිරීම මෙවර පස්වරු 5 දක්වා  ක්‍රියාත්මකවීම විශේෂත්වයකි.  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *