Press "Enter" to skip to content

සර්පයා එළියට

පුද්ගලයින් දෙදෙනෙකු මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි සබරගමුව පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හසිත මුහන්දිරම් නොහොත් සර්පයා  නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය විසින් තීන්දුව ලබා දුන්නේය.

2009 වසරේ කලවාන ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු වාහනයකින් යට කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුවක් විභාග කළ රත්නපුර මහාධිකරණය විසින් හසිත මුහන්දිරම් නමැත්තාට මරණීය දණ්ඩනය පනවා ඇත.

තමන්ට මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතියට පටහැනි බවත් එම චෝදනාවලින් තමන්ම නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලමින්  හසිත මුහන්දිරම් නමැත්තා විසින් අභියාචනාධිකරණයට මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම අභියාචනය විභාග කළ අභියාචනාධිකරණ විනිසුරුවරිය විත්තිකරු වරදකරු කරමින් මහාධිකරණය දුන් තීන්දුව නීතියට පටහැනි බව සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරු නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *