Press "Enter" to skip to content

හකීම් සහ සහරාන්ගේ තවත් වීඩියෝ පට එළියට

අමාත්‍ය රවුෆ් හකීම් සහ පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම් අතර සිදුව ඇති සාකච්ඡාවලට අදාළ තවත් වීඩියෝ දර්ශන නුදුරේදීම හෙළිකරන බව නව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාන් මරූෂ් මහතා පවසයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ, සහරාන් සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක දර්ශන පසුගිය 18 වැනිදා හෙලි කිරීමෙන් පසු තමන්ට මරණ තර්ජන එල්ල වන බවයි.

සහරාන් හෂීම් සහ රවුෆ් හකීම් අමාත්‍යවරයා අතර 2015 මහමැතිවරණ සමයේදී සිදුව ඇතැයි පැවසෙන සාකච්ඡාවක දර්ශන පසුගිය 18 වැනිදා මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානය විසින් ප්‍රසිද්ධ කරනු ලැබුවේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *