Press "Enter" to skip to content

මාලිංග ඇත්තටම ලංකාවට පැමිණීමට හේතුව

ලෝක කුසලාන තරගාවලියේ වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ (11) පැවැත්වීමට තිබු ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් පසු ලංකාවට පැමිණීමට නියමිත විය.

ඒ සිය නැන්දණිය එනම් බිරිඳගේ මව අභාවප්‍රාප්ත වීම හේතුවෙන් එම අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහායි.

සිය නැන්දනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා (13) සිදු කිරීමට නියමිතය.

අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු ලබන 15වන දින ඔස්ට්‍රේලියාව සමඟ තරගයට ක්‍රීඩා කිරීමට නැවත එංගලන්තය බලා පිටත්ව යනු ඇත.

ඒ සඳහා මාලිංග 14වනදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත අතර ඔහු මෙලෙස ගුවන් ගමනකින් අනතුරුව ක්‍රීඩා කරන දෙවන අවස්ථාව මෙයයි.

කෙසේ වෙතත් ඊයේ පැවැත්වීමට තිබූ තරගය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කර කළේ අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙනි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *