Press "Enter" to skip to content

ඇමරිකානු ජාතිකයින් වහාම ඉවත් වන්න

ඉරාකයේ රැදී සිටින සියලුම අමෙරිකානු ජාතිකයින්ට වහාම එම රටින් පිටවන ලෙස ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලය දැනුම් දී ඇත.

බැග්ඩෑඩ් ගුවන්තොටුපල අසලදී අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානයෙකු ඇතුලු හමුදා සාමාජිකයින් පිරිසක් මියයාමේ සිද්ධියත් සමඟ උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම ඉරාන හිතවාදී සටන්කාමීන්ගේ ප්‍රහාර හේතුවෙන් යළි දැනුම් දෙනතුරු බැග්ඩෑඩ්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය වසා තැබෙන බව ද නිවේදනය කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *