Press "Enter" to skip to content

කොරෝනා පාලනයට ඇමෙරිකාව මුදල් වෙන් කරයි

නව කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 8.5ක් වෙන්කිරීමට එරට නීති සම්පාදකයන්ගේ අනුමැතිය හිමිව ඇත.

අදාළ මුදලින් කොටසක් අමෙරිකාවෙන් පිටත වෛරස ව්‍යාප්තිය පාලනය සදහාද යොමුකෙරෙනු ඇති.

නව කොරෝනා වෛරසය මේ වනවිට සැලකිය යුතු වේගයකින් අමෙරිකාවේ ප්‍රාන්ත 14ක් පුරා ව්‍යාප්ත වෙමින් පවතියි.

මෙම තත්ත්වය සලකා කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් නම්කිරීමටත් බලධාරීන්ට සිදුවුණි.

වෛරස ව්‍යාප්තිය පාලනය සදහා වන වැඩපිලිවෙල සදහා අමෙරිකානු ඩොලර් බිලියන 8.3ක් වෙන්කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තීරණය කර ඇත.

කොරෝනා වෛරස ව්‍යාප්තිය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීම වැලැක්වීමේ අරමුණින් මෙම පනත මන්ත්‍රී මණ්ඩලය හමුවට ගෙනැවිත් තිබුණි.

අදාළ මුදලින් බිලියන 1.25ක් වෙන්කර ඇත්තේ අමෙරිකාවෙන් පිටත වෛරස ව්‍යාප්තිය පාලනය සදහා බවද සඳහන්.

ඒ සදහා නීති සම්පාදකයන් 415ක් පක්ෂව ඡන්දය භාවිත කළ අතර ඊට විපක්ෂව ඡන්දය භාවිතා කර තිබුණේ දෙදෙනෙකු පමණයි.

මේ වනවිට අමෙරිකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 130දෙනෙකු පමණ වාර්තා වී ඇත.

වෛරස බිය හේතුවෙන් වඩාත් අර්බුදයට ලක්ව ඇති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා කර්මාන්තකරුවන් පිළිබදවද අමෙරිකානු රජයේ අවධානය යොමු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *