Press "Enter" to skip to content

ගුවන් යානයක් අනතුරක

සෝමාලියාවේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූවන් සඳහා ආධාර රැගෙන යමින් සිටි ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

එරට මොගිඩිෂු අගනුවරින් ගමන් ආරම්භ කර සුළු වේලාවකට පසුව යානය අනතුරට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යානයේ සිටි පුද්ගලයන් හය දෙනාම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් සෝමාලි හා කෙන්යා ජාතිකයින් බව වාර්තා වෙයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සෝමාලියානු බලධාරීන් සඳහන් කර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *