Press "Enter" to skip to content

ගුවන් යානයක් ගිනි ගනී

පිලිපීනයේ මැනිලා ගුවන්තොටුපලේදී ගුවන් යානයක් ගිනිගෙන තිබේ.

ඉන් පුද්ගලයන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

පිලිපීනයේ මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ගුවන් ගතකෙරෙන අතරතුරදී  සහන සේවා සඳහා යොදවා තිබූ ගුවන් යානයක් ගිනිගෙන තිබේ.

අදාළ ගුවන් යානය රෝගී පුද්ගලයෙක් රැගෙන ජපානයේ හනේඩා ගුවන් තොටුපළ වෙත පියාසර කිරීමට නියමිතව තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

රෝගියා සහ ඔහුගේ හිතවතෙක්, සෞඛ්‍ය සේවකයන් තිදෙනෙක් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් තිදෙනෙක් එහි සිට ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන්ය.

අනතුරින් යානයේ ගමන්ගත් පුද්ගලයන් අටදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම පිරිස අතරින් හය දෙනෙක් පිලිපීන ජාතිකයන් බවත් සෙසු පුද්ගලයන් දෙදෙනා අමෙරිකානු සහ කැනේඩියානු ජාතිකයන් බවත් විදෙස් වාර්තාවල සඳහන්ය.

ගුවන් තොටුපළ බලධාරීන් ගින්න පාලනය කිරීමට පැමිණෙන විටත් යානය මුළුමණින් ගින්නට හසුව තිබුණි.

මෙලෙස අනතුරට පත්ව තිබුණේ ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් සේවයට අයත් යානයකි.

සිදුවීම සම්බන්ධයෙන් පිලිපීන සිවිල් ගුවන්සෙවා අධිකාරියේ බලධාරීන් විමර්ශන සිදු කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *