Press "Enter" to skip to content

ට්‍රම්ප්ට කොරෝනා නෑ

ආසාදිත පුද්ගලයින් කිහිප දෙනෙකු ඇසුරු කර තිබීම හේතුවෙන් කොවිඩ් – 19 වයිරසයට ගොදුරු වී ඇත්ද නැද්ද යන්න පිළිබඳව දැනගැනීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දුන්නේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාට වෛරසය ආසාදනය වී නොමැති බව එහිදී තහවුරු වුණි.

මේ වන විට ඇමරිකානුවන් 50 කට වැඩි පිරිසක් කෝවිඩ් – 19 වසංගතය හේතුවෙන් මියගොස් ඇති අතර ඇමරිකානු ජනජීවිතය බෙහෙවින් අඩාල වී ඇති බවද වාර්තා වෙයි.

මේ අතර ඊයේ දිනයේ වොෂින්ටන් නුවර ධවල මන්දිරයට පැමිණි මාධ්‍යවේදීන්ගේත් ශරීර උෂ්ණත්වය මැන බැලීමටද ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබුණු අතර එය කිසිදා අනුගමනය නොකළ ක්‍රියාමාර්ගයක්. 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *