Press "Enter" to skip to content

දකුණු ඉන්දියාවේ විරෝධතා

නව පුරවැසි නීතියට එරෙහිව දකුණු ඉන්දියාවේ විරෝධතා ආරම්භ වී ඇත.

ඉන්දියාවේ මතභේදාත්මක නව පුරවැසි නීතියට එරෙහිව අඛණ්ඩව විරෝධතා පැවැත්වෙයි.

ලක්ෂයකට වැඩි පිරිසක් දකුණු ඉන්දියාවේදී විරෝධතා වලට එක්ව සිටින බව සඳහන්.

මුස්ලිම් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් අම්බෙ‍්‍රල්ලා නැමැති සංවිධානයක් හයිද්‍රාබාද් නුවරදී දැවැන්ත විරෝධතාවක් පවත්වා ඇත.

හයිද්‍රාබාද් ජනගහණයෙන් 40 %කට වැඩි ප‍්‍රතිශතයක් මුස්ලිම් ප‍්‍රජාව බවයි එරට වාර්තා සඳහන් කළේ.

සංශෝධිත පුරවැසි පනත මඟින් අසල්වැසි රටවල සිට ඉන්දියාව වෙත නීති විරෝධීව සංක්‍රමණය වී සිටින සුළු ජන කොටස් හා සුළු ආගමික කොටස්වලට ඉන්දියානු පුරවැසිභාවය හිමිවෙයි.

නමුත්, එලෙස පැමිණ සිටින මුස්ලිම් ජාතිකයන්ට ඒ ආකාරයට පුරවැසිභාවය හිමි වෙන්නේ නැහැ. 

එලෙස මුස්ලිම්වරුන් බැහැර කිරීම ඉන්දියාව පුරා විවාදාත්මක මාතෘකාවක් බවට පත් වී ඇත.

පාලක භාරතීය ජනතා පක්ෂය විසින් මධ්‍යම රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් බහුතරයක් මුස්ලිම්වරු වාසය කරන ජම්මු කාශ්මීර් ප්‍රාන්තය, ප්‍රාන්තභාවයෙන් අහෝසිකර මධ්‍යම රජයට පවරා ගැනීම සිදුකර ඇත්තේ ඉතා කෙටි කාලයක්. 

මේ ආකාරයට දිගින් දිගටම මධ්‍යම ආණ්ඩුව විසින් මුස්ලිම්වරුන්ව බැහැර කිරීම විපක්ෂයේ මෙන්ම විවිධ ප්‍රාන්ත ආණ්ඩුවල හා අමෙරිකාවේ මෙන්ම පාකිස්තානයේ ද විවේචනයට බඳුන් වී ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *