Press "Enter" to skip to content

නිවෙස්වල සඳළුතලවල සිටිමින් ගීත ගායනා කරන ඉතාලිය, ප්‍රංශ වැසියෝ

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ ඇතිවන මානසික ආතතිය දුරුකර ගැනීම සඳහා ජනතාව විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිටියි.

නිවෙස්වල සඳළුතලවල සිටිමින් ගීත ගායනා කිරීම ඒ අතරින් ප්‍රධානයි.

 නව කොරෝනා වෛරසයෙන් වැඩි බලපෑම් එල්ලවූ ඉතාලිය, ප්‍රංශය වැනි රටවල ජනතාව සිය නිවෙස්වල සඳළුතලවල සිටිමින් ගීත ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝ පට පසුගිය දිනවලදී අන්තර්ජාලය ඔස්සේ දැඩිව සංසරණය විය.

වෛරස අවදානම නිසා පුද්ගලයන්ට ඒකරාශී වීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් මෙලෙස සඳළුතලවලට රැස්ව සිටියේය.

ජර්මන් වැසියන්ද මෙලෙස එක්වී ගීත ගායනයේ යෙදෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දිවා රෑ දෙකෙහිම ජනතාව මෙලෙස සංගීත භාණ්ඩ වාදනය කරමින් ගීත ගායනයේ යෙදෙමින් සිටියි.

එමෙන්ම ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේ නිරත සෞඛ්‍ය සේවකයන්ට අත්පොළසන් දෙමින් ගෞරව දැක්වීමටත් ඔවුන් කටයුතු කළේය.

කොවිඩ් 19 වෛරසයෙන් මේ වන විට ජර්මනියේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 123 ක්.

එරට ආසාදිතයන් ගණන 29,000 ඉක්මවා ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *