Press "Enter" to skip to content

උතුරු නැගෙනහිර පූර්ණ හර්තාලයක් පැවැත්වීමට සූදානමක්

දෙමළ ජාතික සන්ධානය හා තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් අප්‍රේල් (25) වෙනිදා උතුරු නැගෙනහිර පළාත් වල පූර්ණ හර්තාලයක් පවත්වන ලෙස දැනුම් දී තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකු කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් උතුරු නැගෙනහිර පළාත් වල ඉඩම් අයිතිය වෙනත් පාර්ශ්ව වලට ලබා දීම, ආගමික ස්ථාන පිළිබදව ගැටලුව,පුරා විද්‍යා නටබුන් ලෙස සලකා දෙමළ ජාතිකයින්ගේ ඉඩම් කොල්ල කෑම යනාදී හේතූන් කීපයකට විරෝධය පල කිරීම සදහා මෙම හර්තාලය ක්‍රියාත්මක කරන බවයි.

උතුරු නැගෙනහිර පළාත් වල පූර්ණ හර්තාලයක් දියත් වන දිනයේ දී සියලුම වෙළඳසැල් වසා දමන ලෙසත් ගමනාගමන කටයුතු පවත්වා ගෙන යාම අත්හිටුවන ලෙසත් ඉල්ලා ඇති සංවිධායකයෝ රජයේ සේවකයින්ද මෙම පූර්ණ හර්තාලයට සහය ලබා දිය යුතු බව දැනුම් දී තිබෙනවා.

 

තවද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අප්‍රේල් (25) වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එදිනට පාර්ලිමේන්තුවෙහි ද විරෝධතාවයක් දියත් කිරීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කටයුතු සැලසුම් කොට ඇති බවයි වාර්තා වන්නේ .

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *