Press "Enter" to skip to content

එජාපයේ තුන්කොන් සටනක්… තීරණාත්මක සාකච්ඡාවක් හෙට

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (20) පැවැත්වෙයි. 

එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර හෙට පෙරවරුවේ කොළඹ දී සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

පසුගිය 09වනදා පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම විසඳුමකින් තොරව අවසන් වු අතර නායකයන් තිදෙනා රැස්ව අවසන් තීරණයක් ගැනීමට එහිදි එකඟතාව පළ වී තිබුණි. 

ඒ අනුව හෙට එම සාකච්ඡාව පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *