Press "Enter" to skip to content

අන්තවාදී මුස්ලිම් සංවිධානයකින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාවලියක්

දෙමළ ඩයස්පෝරාව, එල්ටීටීඊ හිතවාදීන් පිරිස් සහ ගල්ෆ් කලාපයේ අන්තවාදී මුස්ලිම් සංවිධානයක්ද ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

 

දෙමළ ඩයස්පෝරාව මෙන්ම විදේශයන් හි සිටින එල්ටීටීඊ හිතවාදීන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව  අපහසුතාවට පත් කිරිම සදහා තවදුරටත් උත්සාහ දරමින් සිටින අතර  මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයකට සහභාගි වූ බ්‍රිතාන්‍යයේ ජීවත් වන මෙරට සම්භවයක් සහිත මුස්ලිම් ජාතික නීතිඥවරයෙකු වන රිෂ් උඩවත්ත මෙයට නිසි පිළිතුරු ලබා දී ඇති බවද වාර්තා වේ.

 

ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් 5 ක් එක්ව භාර දී ඇති යෝජනාව පිළිබද විවාදය ලබන 9 වනදා පැවැත්වීමට නියමිතයි. කෙසේ වුව ද රටවල් 22 ක් මේ වන විට ශ්‍රී ලංකාවට සහාය පළකර ඇත.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *