Press "Enter" to skip to content

ගුරු වෘත්තීය සමිති සමග අගමැතිගේ සාකච්ඡාව සඳුදා

සෑම ගුරු-විදුහල්පති වෘත්තීය සමිතියකම එක් නියෝජිතයෙකුට ලබන සඳුදා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවකට සහභාගී වන ලෙස ආරාධනා කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

 

මේ පිළිබඳව අදහස් දැක්වු මහාචාර්ය කපිල පෙරේරා මහතා,

 

“අගමැතිවරයා සමඟ සාකච්ඡා කරලා ඊයේ දින තීරණයක් අරගෙන තියෙනවා සියලුම වෘත්තීය සමිතිවල එක් නියෝජිතයෙකුට සඳුදා දිනයේ සාකච්ඡා කරන්න කියලා. ඒ සාකච්ඡාව ඉතා සුබවාදී වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.”

 

ප්‍රශ්නය – 21 වනදා පාසල් විවෘත කරන්න ඉන්නවා. ගුරුවරු සහභාගී නොවුණහොත් මොකද්ද වෙන්නේ ?

 

“ඉතාම දැඩි විශ්වාසයක් තියෙනවා මේ පාසල් සඳහා අපේ ගුරුවරු තමන්ගේ දරුවන්ගේ මුහුණ දකින්න පාසලට එයි කියලා.”

 

මේ අතර ගුරු සංගම් පවසන්නේ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවේදී සිය ගැටලුවට ලබාදෙන නිශ්චිත විසඳුම පැහැදිලි කරගැනීමට බලාපොරොත්තු වන බවය.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *