Press "Enter" to skip to content

ගුරු වෘත්තීය සමිති අතර ගැටුම්

සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් බවට ඇතැම් විදුහල්පති සංගම් කරන ලද ප්‍රකාශ අසත්‍ය බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ, ගුරු විදුහල්පතිවරුන් එක් ව සිදු කරන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරිම සඳහා ඇතැම් පිරිස් කටයුතු කරන බවයි.

මේ අතර මෙවර උසස් පෙළ විභාගයේ ඉල්ලු‍ම්පත්‍ර පමණක් හෙට වනවිට යොමුකර අවසන් කිරීමට දැනට වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය තීරණය කර තිබුණා.

එහෙත්, ශිෂ්‍යත්ව ඉල්ලු‍ම්පත්‍ර යොමු කිරීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නො මැති බවයි එම සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව ප්‍රකාශ කළේ.‍

එමෙන්ම, තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩ ව ක්‍රියාත්මක කරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කළා.

ගුරු හා විදුහල්පති සංගම් කිහිපයක් ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 72 වන දිනටත් ක්‍රියාත්මක යි.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *