Press "Enter" to skip to content

වෘත්තීය සමිති 34ක් අද වර්ජනයක

වැටුප් හා දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය අද (23) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණයකර තිබේ. 

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එක් පාර්ශවයකට පමණක් දීමනා වැඩි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට විරෝධය පල කරමින් අද උදෑසන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත්කරන බව එම සංගමයේ ජාතික සංවිධායක බී.ඒ.පි.බස්නායක මහතා පැවසුවේය.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා ග්‍රාම නිලධාරීවරුන්, සංවර්ධන නිලධාරීවරුන්, රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීවරුන් ඇතුළු වෘත්තීය සමිති 34ක සාමාජිකයින් විශාල පිරිසක් සහය පල කර ඇති බව ඔහු සදහන් කළේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විධායක නිළධාරින් සඳහා පමණක් දීමනා ලබාදීමට ගෙන ඇති තීරණය තුළින් සමස්ත රාජ්‍ය සේවයේම බරපතල වැටුප් විෂමතාවක් ඇති වන බව බි.ඒ.පි.බස්නායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *