Press "Enter" to skip to content

ජනපතිට එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරින් රැසකගේ සහය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුරදර්ශී නායකත්වය ගැන විශ්වාසය පල කරමින් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරි පාක්ෂිකයින්, මහජන නියෝජිතයින් මේ වන විට ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටා එක් රොක් වෙමින් සිටින  බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් කැගලු දිසාවේ විශාල පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරිමට මේ වන විට තමන් වටා එක් වු බවද අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

අද ( 31 ) අධ්‍යාපන රාජ්‍ය අමාතයංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදි රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වු අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා මෙසේ පවසයි.

” දිවයින පුරා අද වන විට ග්‍රාමිය මට්ටමේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරි පාක්ෂිකයින් අප වටා එක් වෙමින් සිටිනවා. එළඹෙන මැතිවරණයේදි ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශක්තියක් වෙමින් අති බහුතරය එතුමන්ට ලබා දිමට අවශ්‍ය පරිසරයයි මේ වන විට අපි මේ සකස් කරන්න්. අපි දිවයින පුරාවට විවිද පක්ස නියෝජනය කරන පාක්ෂිකයින් මේ දිනවල අප වටා එක් කර ගන්නවා. ඉදිරි මැතිවරණයේදී ගරු ගෝඨාභය රාජපක්ෂ මහතාට ශක්තිමත් ආණ්ඩු පක්ෂයක් අපි නිර්මාණය කර මේ රටට පිරිසිදු දේශපාලනයක් හඳුන්වා දෙනවා. “

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *