Press "Enter" to skip to content

‘ජනපති කොමිසමට හෙට එන්න බැහැ’ අගමැති කියයි

කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටි රාජගිරිය ඩී.පී.ජේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වන පැමිණිලි විභාගයට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙට (12) පෙරවරු 9.30ට පෙනී සිටිය නොහැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසමට නිල වශයෙන් දන්වා ඇතැයි එම කොමිසම සඳහන් කර සිටී.

අග‍්‍රාමාත්‍යවරයාට මන්නාරම ප‍්‍රදේශයේ උත්සව කිහිපයකට සභාගිවීමට ඇති බැවින් අද දින ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බවට අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා අද  (11) කොමිසමට ලිඛිතව දන්වා එවා ඇතැයි එම කොමිසමේ වැඩිදුරටත් කියා සිටී.

ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයා ගේ එම ලිඛිත දැනුම්දීම සැලකිල්ලට ගනිමින් ලබන 16 වැනිදා පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වා කොමිසම යළි සිතාසි නිකුත් කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24.6 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළ සාක්ෂි ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයාට අද දින ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් ඉකුත් 09 වැනිදා සිතාසි නිකුත් කෙරිණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *