Press "Enter" to skip to content

වැඩබලන අගමැති කිරිඇල්ල

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති නිසා අග්‍රාමාත්‍යවරයාගේ රාජකාරි කටයුතු ආවරණය සහ ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කටයුතු කරමින් සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අගමැතිවරයා රටේ නොමැති අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ සභානායක ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම සම්ප්‍රදාය බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයෙකු කූඹියෝ නිව්ස් වෙත ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය යම් අර්බුදකාරී තත්ත්වයක් තිබෙන නිසා අග්‍රාමාත්‍යවරයා විසින් ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන සොයා බලන ලෙසට ලක්ෂ්මන් කිරිඇල්ල සභා නායකවරයාට දැනුම් දී තිබෙන බවද වාර්තා වේ

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *