Press "Enter" to skip to content

ජනපති දිවයිනට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපානයේ  සිය තුන් දින නිල සංචාරය නිමා කර ඊයේ (27) රාත්‍රී යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .

ජපානයේ නරුහිතෝ රජතුමාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා එරටට ගොස් සිටි අතර , ජනාධිපතිවරයා සමග 21 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙම සංචාරය සදහා සහභාගී වී සිටියහ.

මෙම පිරිස ඊයේ රාත්‍රී 11.35   ට සිංගප්පූරුවේ  සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙම පිරිස ඉකුත් 21 දින අලුයම මෙම සංචාරය සදහා පිටත්ව ගියේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *