Press "Enter" to skip to content

ජාතික සංවිධාන වලින් ගෝඨාභය ජනපතිවරයාට අත්හැර යා නොහැකි යෝජනා හයක්..

ජාතික බලවේග විසින් රට වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග ලෙස යොමු කරන ප්‍රශ්න කිහිපයක් තිබෙන බවත් ඒ එකම ප්‍රශ්නයක් හෝ ජනාධිපතිවරයාට අත් හැර යාමට නොහැකි බවත් ජාතික සංවිධාන එකමුතුව පවසයි.

පසුගියදා දෙරණ රූපවාහිනියේ පැවති අලුත් පාර්ලිමේන්තුව සජීවී වැඩසටහනට එක්වෙමින දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව අවධාරණය කර සිටියේය.

බෙදුම්වාදී තර්ජන,ඉස්ලාම් අන්තවාදයේ නැඟී සිටීම,ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ලවී තිබෙන චෝදනා වලින් නිදහස් වීම ඇතුළු ප්‍රශ්න වලට ජනාධිපතිවරයාට තම ධූරකාලය තුළ විසදුම් ලබා දීමට සිදු වන බව ඔහු පවසා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ මෙම ප්‍රශ්න වලට විසදුම් සෙවීමමේදී ජාතික බලවේග වල පූර්ණ සහයෝගය ජනාධිපතිවරයාට ලබා දෙන බවත් මේ වන විට ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නයට අදාලව මූලික විරෝධතාවය දක්වමින් ඊට අවශ්‍ය ලිඛිත සාක්ෂි ලේඛන ගත කර ඇති බවය‍.

https://www.facebook.com/1738335003114926/videos/461832911130504/

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *