Press "Enter" to skip to content

ජාතික සංවිධාන නියෝජිත මහා සම්මේලනයේදී ගෝඨාට කොන්දේසි විරහිතව සහාය දෙන ඓතිහාසික සම්මුතියකට එළඹෙයි!

සුරක්ෂිත මව්බිමක් – සභ්‍යත්වය රකින ආණ්ඩුවක්!’ වෙනුවෙන් ජාතික සංවිධාන ජාතියේ පොදු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව සහාය දීම සදහා ඓතිහාසික සම්මුතියකට එළඹ තිබේ.

මේ රටේ ජාතික බලවේගය ලෙස ජාතියේ පොදු අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ජය තහවුරු කරන ජාතික සංවිධාන නියෝජිත මහා සම්මේලනය ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ පස්වන විධායක ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(15) සවස කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

ත්‍රෛනිතායික අනුනායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ සියළුම ජාතික සංවිධාන නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම අවස්ථාවට ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *