Press "Enter" to skip to content

දුම්රියට දෙදෙනෙක් බිලි

පේරාදෙණිය – පිළිමතලාව දුම්රිය මාර්ගයේ 69 සැතපුම් කණුව හා 70 සැතපුම් කණුව අසළදී පුද්ගලයන් දෙදෙනෙකු දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ රාත්‍රී 11ට පමණ 70 වැනි සැතපුම් කණුව අසළදී අවුරුදු 50ක පමණ පුද්ගලයෙක් කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මියගොස් තිබේ. මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න අණාවරණය වී නොමැත.

ඉන් විනාඩි 45කට පමණ පසුව 69 වැනි සැතපුම් කණුව අසළදී පොල්ගහවෙල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් අවුරුදු 23ක් වන පිළිමතලාවේ පදිංචි බුද්ධික ප්‍රදීප් යන අය ජීවිතක්ෂයට පත්ව තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *