Press "Enter" to skip to content

පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස නම් කෙරේ

පලාලි ගුවන්තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට නම් කිරීමට රජය තීරණය කර තිබේ.

ප්‍රාදේශීය ගුවන් තොටුපොළක්ව පැවැති යාපනය පලාලි ගුවන්තොටුපොළ මේ අනුව කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් වශයෙන් සැලකේ.

පලාලි ගුවන්තොටුපොළ කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් ලෙසට නම් කිරීමත් සමඟ දැනට ලංකාවේ ඇති ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගණන පහ දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලංකාවේ අති අනෙක් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *