Press "Enter" to skip to content

පාතාල කල්ලි හා ත්‍රස්තවාදය මැඬලීමට -එක්සත් ජාතීන්ගේ සහාය ලංකාවට

සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදය මැඬලීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ නිලධාරීන් සහ නීතිපති දප්පුලද ලිවේරා අතර පැවැති සාකච්ඡාවක දී එම නිලධාරීන් මේ බව සඳහන් කර තිබේ.

මෙම සාකච්ඡාව පසුගිය සති අන්තයේ පැවැති අතර සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාංශයේ මෙරට (ස්ථානගත) කලාපීය නියෝජිත ට්‍රොයෙල්ස් වෙස්ටර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ නීතිපතිවරයා සමග ඵලදායී සාකච්ඡාවක් පැවැති බවය. මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව සමුද්‍රීය මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ මැඬලීම වෙනුවෙන් මූල්‍යාධාර සැපයීමට යුරෝපා සංගමය සහ ජර්මනිය එකඟතාව පළ කර ඇත.

විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපය හරහා සිදුකෙරෙන අන්තර් ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් ත්‍රස්තවාදී කටයුතු මැඬලීමේ දී පවතින නෛතික ගැටලු විසඳා ගැනීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කරන්නේ මෙම සාකච්ඡාව විවෘතව සහ සාර්ථකව සිදුකෙරුණු බවයි. ශ්‍රී ලංකාවට අන්තර් ජාතික අපරාධවලින් සිදු වන උවදුරු සහ බලපෑම් පිළිබඳව නීතිපතිවරයා මෙහි දී එක්සත් ජාතීන්ගේ අවධානය යොමු කර ඇතැයිද සම්බන්ධීකරණ නිලධාරිනිය ප්‍රකාශ කරයි.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *