Press "Enter" to skip to content

මැතිවරණ කොමිසම මැතිවරණ දිනයක් නියම කරන්න සූදානමින්

කොරෝනා වසංගතය නිසා දින නියමයක් නොමැතිව කල්දැමූ මහ මැතිවරණය සඳහා දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම තීන්දු කර ඇතැයි සිරස රූපවාහිනිය වාර්තා කරයි.

ව්‍යවස්ථානුකූලව එය කළ යුතුම තත්ත්වයක් උදා වී ඇති හෙයින් මෙම තීන්දුව ගත් මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීමට සුදුසු තත්වයක් ඇති බවට නිර්දේශ අදාළ බලධාරීන්ගෙන් ලිඛිතව ලබා ගැනීමටත් කොමිසමේ සාමාජිකයන් අතර සාකච්ඡා කර තිබේ.

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට (20) පස්වරුවේ මැතිවරණ කොමිසම විසින් පැවැත්වීමට නියමිත ඇත.

මෙම හමුව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකු ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙකු කැඳවා තිබේ.

1981 අංක 1 දරන මැතිවරණ පනතේ සඳහන් වන්නේ කිසියම් හේතුවක් නිසා මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය කල් දමන්නේ නම් මැතිවරණය පැවැත්වෙන ඊළඟ දිනය එම කල් දැමීම වෙනුවෙන් නිකුත් කරන ගැසට් පත්‍රයෙහි සඳහන් කළ හැකි බවය.


Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *