Press "Enter" to skip to content

රනිල්ගෙන් සල්ලි ගත් සජබ මන්ත්‍රීලා ගැන සොයනවා – රංජිත් මද්දුම බණ්ඩාර

විමධ්‍යගත යෝජනා යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් මුදල් ලබා ගැනීම වැරදි බව ත් එම මුදල් ලබා ගන්නා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරන දේ පක්ෂය තුළ ඉදිරියේදී අනිවාර්යයෙන් ම සාකච්ඡා කරන බව ත් සමගි ජන බලවේග පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

 

පෞද්ගලික මන්ත්‍රී යෝජනා සහ ඒවා ඉදිරිපත් කළ ස.ජ.බ. මන්ත්‍රීවරුන් ගැන සොයා බලන බවත් දැනට ම එම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් ලැබී ඇත්දැයි සොයා බලන බවත් පක්ෂ මහ ලේකම්වරයා අවධාරණය කර කීය.

 

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් හය දෙනකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතුවලට රුපියල් කෝටි 32කට අධික මුදලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙන්කර දීම සම්බන්ධයෙන් සජබ පක්ෂ මහ ලේකම්වරයාගෙන් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කළේය.

 

ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් තෝරාගෙන ඔවුන්ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවලට අල්ලස් ලෙස මුදල් ලබා දී ඇති බව ත් එම ප්‍රතිපාදන තම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනට ම ලබාගෙන ඇත්දැයි සොයා බලන බව ත් මහ ලේකම් මද්දුම බණ්ඩාර මහතා කීය.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට විකෘති කළද දේශපාලනයේදී තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බා ගැනීමට ජනපතිට ඉඩ නොදෙන බවත් හෙතෙම පැවසීය.

 

මැතිවරණ ආසන්නයේ රජය උත්සහ කරන්නේ නොයෙක් පඬුරු ලබා දී සමගි ජන බලවේග මන්ත්‍රිවරුන්ගේ ඡන්ද ලබා ගැනීමට බව ත් එය අසාධාරණ බවත් විමධ්‍යගත ප්‍රතිපාදන ඇත්තේ සෑම මන්ත්‍රීවරයෙකුට ම ලබා දීමට මිස තෝරා ගත් අයට දීමට නොවන බව ත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *