Press "Enter" to skip to content

විදුලි කප්පාදුව ගැන අද ගත් තීරණය

එළඹෙන සදුදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළා.

 

විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා එම කොමිසම අද රැස්වු අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

 

කෙසේ වෙතත් හෙට දිනයේදී මෙගවොට් 30ක විදුලි අවශ්‍යතාවයක් පවතින බවත්, එය කළමනාකරණය කර ගන්නා ලෙසට උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා.

 

වරින් වර දිවයින පුරා විවිධ අවස්ථාවලදී විදුලි කපාදුවක් සිදු කෙරුණා.

 

ඒ එම බලාගාරවලට විදුලි ජනන කටයුතු සඳහා අවශ්‍ය කරන ඩීසල් සහ නැප්තීන් නොමැති වීම හේතුවෙන්.

 

එමෙන්ම නිසි අයුරින් බලාගාර නඩත්තුවක් සිදු නොකිරීම සහ ඇතැම් දේශපාලන පත් කිරීම්වලට විරුද්ධව ද ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය විරෝධතා ඇරඹුවා.

 

මෙවන් පසුබිමකදීයි, රටේ වරින් වර කාණ්ඪ 04කට බෙදා විදුලි කප්පාදුවක් සිදු වූයේ.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින් එක්වන්න – මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *