Press "Enter" to skip to content

රාජිත ඇප මත මුදා හැරේ

දු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව අද (30දා) සිට රිමාන්ඩ් භාරයට පත්කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණවය නියෝග කළේ ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙන ලෙසයි.

එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් අත්හිටවූ අධිකරණය ගුවන් ලගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කළේය.

තවද රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටවීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද රාජිත සේනාරත්න මහතාට නියෝග කළ බව අප වාර්තාකරු සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *