Press "Enter" to skip to content

මන්ත්‍රී පාඨලී චම්පික ඇප මත නිදහස්

2016 වසරේදී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මීට ස්වල්ප වේලාවකට පෙර අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එහිදී මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත්තේ රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5ක ශරීර අප දෙකක් මත මන්ත්‍රිවරයා මුදා හැරීමටය.

මීට අමතරව සෑම මසකම අවසන් ඉරිදා කොලඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසද මන්ත්‍රීවරයාට නියෝග කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *