Press "Enter" to skip to content

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩංගණ හොදටෝම ඇති… ඇයි මේ තවත් එකක් – මහේල අසයි

මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. එහි ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට නියමිත අතර අදියර දෙකක් යටතේ වසර තුනක් ඇතුළත නව ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.

අක්කර 26 ක වපසරියකින් යුක්ත මෙම ක්‍රීඩාංගනයේ එකවර නරඹන්නන් 60,000 කට තරග නැරඹිය හැකි අතර දිවා-රාත්‍රී තරග පැවැත්වීමේ හැකියාවෙන්ද යුක්ත වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා පවසන්නේ තවත් ක්‍රිකට් ක්‍රීඩාංගනයක අවශ්‍යතාවය කුමක්ද යන්නයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, මෙරට පිහිටි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගනවලට ප්‍රමාණවත් පරිදි ජාත්‍යන්තර හා පළමු පෙළ තරග නොමැති පසුබිමක තවත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගනයක් ඉදිකිරීමේ අවශ්‍යතාවය කුමක්ද යන්න ගැටලුවක් බවයි.

වාර්ෂිකව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ජාත්‍යන්තර තරග ප්‍රමාණය 20 – 25 අතර ප්‍රමාණයකි. ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගන 07 ක් ශ්‍රී ලංකාව සතුව පවතී. ඒ අනුව එක් ක්‍රීඩාංගනයකට වසර පුරාම ලැබෙන තරග ප්‍රමාණය තුනක් හෝ හතරක් පමණ වේ.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *