Press "Enter" to skip to content

විදුලි විසන්ධිවීම් ඉදිරියටත්

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම විදුලිය විසන්ධි වී තිබුණි.

 

එලෙසඊයේ (13) පස්වරුවේ පැයකට අධික කාලයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම විදුලිය විසන්ධි වූ බව වාර්තා විය.

 

විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමේ ගැටලු හේතුවෙන් මෙලෙස විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති බව විදුලිබල අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

 

ඒ අනුව ඉදිරියේදීත් මේ ආකාරයෙන් විදුලි සැපයුමට බාධා එල්ලවිය හැකි බවද විදුලිබල අමාත්‍යංශය පැවසීය.

 

කෙසේවෙතත් අද පෙරවරුවේ විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ප්‍රකාශ කළේ ජනවාරි 22 වැනිදා තෙක් විදුලිය විසන්ධි කිරීමට කටයුතු නොකරන බවය.

 

“රටේ පවතින ගල්අඟුරුවල අඩුවක් නෑ. ඊළඟට අපිට අඩුවක් නැතුව ජලය නිකුත් කිරීම ගැනත් සාකච්ඡා කළා. නොකඩවාම විදුලිය සැපයීමේ වැඩපිළිවෙලක් අපි සැලසුම් කරනවා. ඒ අතරතුර පැයක දෙකක හදිසි බිඳවැටීමක් වුණත් මං විශ්වාස කරනවා ජනවාරි 22 වෙනකම් අපිට එහෙම දෙයක් ඇති නොවෙයි කියලා.”

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින් සම්බන්ධ වන්න –  මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *