Press "Enter" to skip to content

විදුලි කප්පාදුවක් මෙන්න අලුත්ම නිවේදනය

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

 

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ පස්වරු  6.00යේ සිට පස්වරු  9.00 දක්වා කාලය තුළ මෙලෙස විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බවය.

 

දිවයින පුරා ඊයේ (03) සිදුවූ විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටුණි.

 

විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ එම බලාගාරයෙන් සපයන මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක්කිරීමට දින 3ක පමණ කාලයක් ගතවිය හැකි බවය.

 

කූඹියෝ නිව්ස් වට්ස්ඇප් ගෲප් සඳහා  එක්වන්න –  මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *