Press "Enter" to skip to content

ශවේන්ද්‍රට යු‍රෝපා සංගමයත් එ‍රෙහි වෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව පත් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත තානාපති කාර්යාල හා එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම නෝර්වේ හා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලවල එකඟතාව මත යු‍රෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

බරපතළ මානව හිමිකම් සහ මානවවාදී නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවලට ලක් වී සිටින ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදා‍පති තනතුරට පත් කිරීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචෙලේ මහත්මිය යොමු කර ඇති දැඩි අවධානය කෙරෙහි අ‍පගේ පූර්ණ සහයෝගය හිමි වෙන බවද එම නිවේදනයේ දැක්වෙයි.

මේ අතර ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට උසස් කිරීම මඟින් සාධාරණත්වය හා වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාස‍යේ දී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්‍ගේ මානව හිමිකම් ‍කවුන්සිලයට දැක්වු සහයෝගය පිළිබඳ ගැටළු මතු වී ඇතැයි ද එම නිවේදනයේ දැක්වෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *